ඒ අනුව ඉදිරි ජනවාරි මාසයේ සිට ඔහු යාපනේ සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්වරයා ලෙස පත් කොට තිබේ. තම සේවා කාලය අවසන් කොට මහනුවරින් පිටත්වීමට පෙර ඔහු මහනුවර මහ දිසාපාති එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා මුණ ගැසී රාජකාරී කටයුතුවල දී තමන් වෙත දැක්වූ සහයෝගයට කෘතවේදීත්වය පළ කළේය.
නටරාජා මහතා දිසාපතිවරයා මුණ ගැසීමට පැමිණි මොහොතේ ආදිවාසී නායක වන්නියැලැත්තන්ද රාජකාරී කටයුත්තක් සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි සිටියේය. නටරාජා මහතා වෙත වන්නියැලැත්තන්ගේ සුබ පැතුම්ද මෙහි දී එක් කළේය.
NDH/TA-dmu kandy