වසර 50කට අධික කාලයක සිට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ සිය දක්ෂතා පිළිබිඹු කරමින් ජනතා මෙහෙවරක නිරත වීමට එතුමාට හැකි විය. එතුමා විසින් රචිත ”ආගිය කතා” බොහෝ දෙනා අතර ප‍්‍රකට ලිපි මාලාවක් වූ අතර ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශනය වූ ”විපරම” හා ”විමසුම” සමාජ සංවාද වැඩසටහන් ද බෙහෙවින් ජනප‍්‍රිය විය.
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා මෙරට මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ නොමියෙන නාමයක් සනිටුහන් කර ඇති බව පැවසු අමාත්‍යවරයා ඒ මහතාට නිවන් සුව ප‍්‍රාර්ථනා කර සිටියි.
SDF