නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය රජයේ නිලධාරීන්ට නව ආකල්ප වැඩමුළුවක්

    දෙසැම්බර් 01, 2014

    රජයේ නිලධාරීන්ගේ මානසික ආතතිය දුරුකිරීම සහ ජීවිතය තුළට නව ආකල්ප එක් කර ගැනීම සඳහා වූ වැඩමුළුවක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


    රැකියා තෘප්තිය, ජීවිතය තුළට නව ආකල්ප එක් කර ගැනීම, සුහදශීලී බව වර්ධනය කර ගැනීම තුළින් සිය රැකියාව තුළ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට හැකි බව මෙහි දී අවධාරණය කෙරිණි.   

    නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන ඒකකය විසින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. වෘත්තීය මාධ්‍යවේදියෙකු මෙන් ම වෘත්තීය ක්‍රීඩා උපදේශන නිලධාරීයෙකු වන භාතිය අර්ථනායක මහතා මෙම වැඩසටහනේ සම්පත් දායකයා ලෙස සහභාගී විය. 

    මෙම වැඩසටහන සඳහා නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් ඒ.ඒ. විදුර සම්පත් මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු රැසක් සහභාගී වී සිටිය හ.  

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya