නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුවෙල දිවි නැගුම ප්‍රතිලාභී පවුල් 5211ක් සඳහා නිවාස මූල්‍යාධාර

    නොවැම්බර් 27, 2014
    දිවි නැගුම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාවට නංවනු ලබන "ඉසුරුමත් නිවහනක්" ජාතික වැඩසටහන යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවි නැගුම ප්‍රතිලාභී පවුල්  5211ක් සඳහා නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ  සමාරම්භය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) සිදු කෙරේ.
     
    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ද  සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය හෙට (28) පස්වරු 1.30 ට මාලඹේ, අරංගල,  10 කණුව "නිමිකෝ" ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිවි නැගුම ප්‍රතිලාභී පවුල් වෙත නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා මූල්‍යාධාර සැපයීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.  
     
    මේ යටතේ  කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  දිවි නැගුම ප්‍රතිලාභී පවුල් 5211ක් සඳහා පළමු අදියර යටතේ රුපියල් මිලියන 1.3ක් වටිනා නිවාස මුල්‍යාධාර මෙ දින ප්‍රදානය කෙරේ. 
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන  හෙක්ටර් බෙත්මගේ,  ජගත් කුමාර, ප්‍රදීප් උඳුගොඩ, රොජර් සෙනෙවිරත්න, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක්  සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya