එ.ජා.ප.යේ පොදු අපේක්‍ෂකයා වු මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය නොදක්වන බවත් ජනාධිපතිතුමාට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් රැස්වීම අමතමින් ශ‍්‍රී.ල.නි.ප. දිස්ත‍්‍රික් නායක විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.
මධ්‍යම බල මණ්ඩල සාමාජිකයන් හා පක්ෂ ක‍්‍රියාකාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
අලියා නැතිනම් කොටියා ලකුණින් හෝ බලය ලබා ගැනීමට එ.ජා.ප.ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා එ.ජා.ප.යේ පොදු අපේක්‍ෂකයා බවට පත් කර ඇතත් ජනාධිපතිතුමා සමග එකට වාඩි වී බිත්තර ආප්ප කා උදේ පක්‍ෂය පාවා දුන් ශ‍්‍රී.ල.නි.ප.යේ මහ ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි “නරියා” ලකුණ ලබා දිය යුතු යැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එහිදී පැවසීය.
තවදුරටත් සිය අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය චන්ද්‍රසේන මහතා,
“පොලොන්නරුව ගොඩනැංවු සී.පී. ද සිල්වා මහතා ශ‍්‍රී.ල.නි. පක්‍ෂය හැර ගිය පසු පොලොන්නරුවේ ජනතාව විසින් මැතිවරණයේදි අන්ත පරාජයකට පත් කර ගෙදර යැව්වා. දිස්ත‍්‍රික්කයේ ජනතාවත් රජයත් පක්‍ෂයත් ජනාධිපතිතුමාත් පාවා දුන් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉරණම පොලොන්නරුවේ ජනතාව විසඳයි. මහ ලේකම් මෛත‍්‍රිපාල කළේ පොඩි වැඩක්. දියවෙන එ.ජා.ප.ය රැකගත යුතු බව ජනාධිපතිතුමා මා සමග කීවා. එ.ජා.ප.ය පමණක් නො ව රනිල් වික‍්‍රමසිංහ මහතා ද එන්නත් දී හෝ රැකගත යුතු බව මම ජනාධිපතිතුමාට කීවා“ යැයිද කියා සිටියේය.
රැස්වීම ඇමතූ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා,
“පක්‍ෂයෙන් කවුරු ගියත් ජනාධිපතිතුමා ගැන විශ්වාසය තැබු ජනතාව පක්‍ෂය අතහැර යන්නේ නැහැ. පක්‍ෂයෙන් ගිය හැම කෙනාම අනාථ වුණා. කුහක කම් හා තනතුරු නිසා පක්ෂය අතහැර ගියේ. ප‍්‍රතිපත්ති නිසා නොවේ. ජනාධිපතිතුමා රටට ජාතියට සිදුකර ඇති සේවය ජනතා හදවත් තුළ රැඳෙන තුරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පරාජය කළ නොහැකියි.“ පැවසීය.
පක්‍ෂ කුලමළ බේද බලන්නේ නැතිව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත් කළ යුතුයැයි රැස්වීම අමතමින් පළාත් සභා මන්ත‍්‍රී පී.බී. කුමාර මහතා ප්‍රකාශ කළේය.
මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී.ල.නි.ප. සංවිධායකවරයා පක්‍ෂය පාවා දුන් බවත් මැතිවරණවලදි මිහින්තලේ ජයග‍්‍රහණය කළේ සංවිධායකවරයාගේ ශක්තියෙන් නො ව ජනතාව ජනාධිපතිතුමාට කරන ආදරය නිසා බවත් ඔහු පක්‍ෂයෙන් ගිය බැවින් මිහින්තලේ කිසිදු මහජන නියෝජිතයෙකු හෝ පාක්‍ෂිකයකු පක්‍ෂය අතහැර නොයන බවත් මෙහිදී අදහස් දැක්වු මිහින්තලේ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන පළාත් සභා මන්ත‍්‍රී සරත් ඉලංගසිංහ මහතා අවධාරණය කළේය.
SDF