මන්ද මානසික තැනැත්තන් ද ඇතුළු ව විවිධ ආබාධ සහිත වූවන් 38 දෙනෙකු මෙහිදී ක්ෂේත‍්‍ර රාශියක වෘත්තීය පුහුණු සඳහා තෝරාගනු ලැබීය.
ඔවුන්ට ආහාර, නවාතැන් හා දිරි දීමනාවක් ඇතුළු සියලු පහසුකම් සහිත ව තෝරාගන්නා වෘත්තීය පුහුණුව අදාළ ආයතනයෙන් ලබාදෙන අතර පුහුණුවෙන් පසු රැකියා සඳහා යොමු කිරීම ද සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරේ.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත රත්නපුර "විභා" වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කළමනාකරු බුද්ධික ගුණසේකර, බදුල්ල දිස්ත‍්‍රික් සමාජ සේවා නිලධාරී රවීන්ද්‍ර සොලමන්ස් යන මහත්වරු මෙම සම්මුඛ පරීක්‍ෂණ මෙහෙය වූහ.
DB/SH_dmu_badulla