මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාසල් සංවර්ධන වැඩසටහනට සමගාමී ව මොරටුව, පුවක්අරඹ, මෙතෝදිස්ත විද්‍යාලයේ නව ක්‍රීඩාංගණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් පසුගිය දින අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"මොරටුව ප්‍රධාන මාර්ග පිළිසකර කොට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැසක් ඉකුත් වසරේ දී ආරම්භ කළා. ඉන් බොහොමයක වැඩ සාර්ථක ව නිමා කරන්නට අපට හැකියාව ලැබුණා. අතුරු මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වසරේ අවසන් කාර්තුව වන විට සියලු මාර්ග හා කාණු පද්ධති ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා".
"යුද්ධය ඉවරයි කියා ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන උද්ඝෝෂණ කරන්න පටන්ගෙන තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ කැපවීම හා පූර්ණ මැදිහත්වීමෙන් රටේ සැම තැන ම දැවැන්ත සංවර්ධනයක් සිදු වෙමින් තිබෙනවා. ඊට සහයෝගය ලබාදෙන ජාතිමාමක බලවේග තවදුරටත් අප සමඟ රැඳී සිටිනවා".
"තවත් අභියෝගයක් නොවුණත් භාරධූර යුතුකමක් ඉටුකිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ඉදිරි ජනාධිපතිවරණයේ දී කෘතවේදී නායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටයි".
රටේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් කෘතගුණ දන්නා ජනතාව තමන්ගේ වගකීම නිසියාකාරයෙන් ඉටුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අවස්ථාව සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරණතුංග, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු දේශපාලන අධිකාරීහු මෙන් ම විද්‍යාලීය දුවා දරුවන් දෙමාපියවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
DB