අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (27) උඩුනුවර රබ්බේගමුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.
මේ වනවිට ශාඛා සමිති , තරුණ සමිති, කාන්තා සමිති, ආසන පක්ෂ සම්මේලන, ආසන තරුණ සමිති, ආසන කාන්තා සමිති ඇතුළු සියලු සමිති සහ සංවිධාන පිහිටුවා අවසන් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ඕනෑ ම අවස්ථාවක ඕනෑ ම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.
"මේ වනවිට අපි සියලු දිස්ත‍්‍රික්, ආසන කාර්යාල හදලා ඉවරයි. ඒ නිසා අපි ඉතා ම ශක්තිමත් ව සහ වේගවත් ව යන මේ ගමන ජනතාවත් එක්ක යන ගමනක්. පොදු අපේක්ෂකයා යනවා වගේ හුදෙකලා ගමනක් නොවෙයි. ඇත්තට ම අද ඔහු යන්නේ හුදෙකලා ගමනක්. එක් පසකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද දායකයන් සහ අනෙක්
පැත්තෙන් එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයන්ගේ නොකැමැත්ත මැද කිහිප දෙනෙකුගේ වුවමනාව මත තනි ව ගමනක් යන්නට උත්සාහ කරන මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගැන අපට තිබෙන්නේ කනගාටුවක්".
"අපේ පැත්තෙන් සටනට ඉදිරිපත් වෙලා තිබෙන්නේ සාමාන්‍ය අපේක්ෂකයෙක් නොවෙයි. තිස් අවුරුදු යුද්ධයකින්, මරණයේ දේශයෙන් රට බේරාගත් ලෝකයේ ලොකු ම, ශක්තිමත් ම, ධනවත් ම සහ කුරිරු ම ත‍්‍රස්තවාදී සංවිධානයෙන් ජනතාව බේරාගත් මර බියෙන් රට බේරාගත් රාජ්‍ය නායකයා යි. මේ ලෝකයේ උතුර, දකුණ, නැගෙනහිර මෙන් ම බටහිරින් ද එවන් නායකයෙක් බිහිවෙලා නැහැ. එවැනි තත්ත්වයක් තිබිය දී කුමන වර්ගයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් වුවත් ජයග‍්‍රහණය කරන්නට හැකි අපේක්ෂකයෙක් ප‍්‍රතිපක්ෂයෙන් හොයන්නට ලැබෙන්නේ නැහැ".
අපි රජයක් වශයෙන් මේ වසරේ සියලු ම නිවෙස්වලට විදුලිය දීලා අවසාන කරනවා. රටෙන් දුප්පත්කම අතුගාපු, විරැකියාව අවසන් කරපු යෝධ නායකත්වයක් අභීත සහ පෞරුෂත්වයෙන් හෙබි නායකත්වයක් දිනවන්නට අපේ රටේ ජනතාව පසුබට වෙන්නේ නැහැ යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.
"එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ පැරණිය සහ වැඩි ම කාලයක් රට පාලනය කරපු දේශපාලන පක්ෂය. අපේ රටට නිදහස ලැබිලා රට පාලනය කළේ ඔවුන්. රනිල් වික‍්‍රමසිංහ ගැන, සජිත් පේ‍්‍රමදාස ගැන තවත් වෙලාවක කරූ ගැන අදහස් ඉදිරිපත් වුණා. නමුත් අවසානයේ ඔවුන්ට අපේක්ෂකයෙක් හොයා ගන්න වුණෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්".
"ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ජාත්‍යන්තර යුද අධිකරණයට යැවීමට, රට නැවතත් අරාජික කිරීමට ජාත්‍යන්තරය ප‍්‍රමුඛ දේශීය වශයෙන් සිටින ජාතිද්‍රෝහීන් සිදුකරන බලවත් ව්‍යායාමය ආපස්සට හරවන්නට අපට ඉන්දියාවේ සහය ලැබී තිබෙනවා. විශේෂයෙන් ම නරේන්ද්‍ර මෝදී මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීම අපට යහපත් ප‍්‍රතිඵල උදාකරවන තත්ත්වයක් වුණා".
"ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද දීලා දිනකට ජනාධිපති කරන්නත් පැය 24කින් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් විධායක අගමැති කරන්න කැමති මොන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද දායකයා ද? ඒ වගේ ම මොන එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයා ද කැමති විරුද්ධ පක්ෂයේ මහ ලේකම්වරයාට ඡන්දය දෙන්න".
"නමුත් එක් දෙයක් කියන්නට පුළුවන්. ඒ තමයි පුරවැසියන් වශයෙන් මේ රට බෙදනවාට, උතුරේ වෙන ම රාජ්‍යයක් එල්.ටී.ටී.ඊ. එකෙන් පිහිටුවනවාට, ඉඩම් බලතල, පොලිස් බලතල උතුරු නැගෙනහිරට ලබා දෙනවාට, නැවත අඩියෙන් අඩිය බෝම්බ පිපිරෙන තත්ත්වයක් රටේ ඇති වෙනවාට ගමේ එක්සත් ජාතික පාක්ෂිකයා කැමති නැහැ. ඒ නිසා ඔවුන්ගේ ඡන්දය රට බෙදීම වෙනුවෙන් ලබා දෙන්නේ නැහැ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර, උඩුනුවර ප‍්‍රාදේශීය
සභා සභාපති බන්දුල සෙනෙවිරත්න, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
DB