නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් ශිල්පින් සවිබල ගැන්වීමේ දීප ව්‍යාප්ත ජාතික වැඩසටහනේ සමාරම්භය බස්නාහිර පළාතෙන්

    නොවැම්බර් 25, 2014
    ඉදිකිරීම් ශිල්පින් සවිබල ගැන්වීමේ දීප ව්‍යාප්ත ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් එහි ආරම්භක පියවර බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමේ උත්සවය විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනාවාස හා සැලසුම් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් මහාභිමානි ජාතික ඉදිකිරීම් සම්මාන උළෙට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    දිවයින පුරා සිදු කෙරුණු යටිතල පහසුකම් සංවර්ධන, සුවිසල් ඉදිකිරීම් ව්‍යාපෘති සහ ජන සෙවණ ජාතික නිවාස වැඩසටහනට සමගාමී ව ක්‍රියාත්මක වු නිවාස සංවර්ධන වැඩපිළිවෙළ හේතු කොටගෙන මෙ රටට නිදහස හිමි වි ගත වු දශක පහක කාල පරිච්ඡේදය තුළ 10% ක පමණ සීමාවක පැවති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධන වේගය 2014 වසරේ ප්‍රථම කාර්තුව වන විට 21.5% ඉක්මවා වර්ධනය වී තිබේ. 
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 70% ක පමණ දායකත්වයක් ලබාදෙන වඩු හා පෙදරේරු ශිල්පීන් ඇතුළු වෙනත් ශිල්පීන්ගේ ශ්‍රමික දායකත්වය මෙම ප්‍රගතියට බොහෝ දුරට හේතු විය. 
     
    දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් දිවයින පුරා සිය සේවාවන් ඉටුකරන ඉදිකිරීම් ශිල්පින් නිශ්චිත ලෙසින් හදුනාගනිමින් ඔවුන් ආයතනික මට්ටමින් ලියාපදිංචි කොට එකී ශිල්පීන් වෙත හැදුනුම්පතක් ලබාදී ඔවුන්ගේ සේවා කාර්යයට අනුකූලව වර්ගීකරණයක් සිදුකොට එම ශිල්පීන් සඳහා නිසි පුහුණවක් ලබාදී, වෘත්තිය සඳහා නිසි සමාජ පිළිගැනීමක් ඇති කර, ඔවුන් අදාළ සේවා කටයුතු සඳහා යොමු කිරීම සිදු කෙරේ.
     
    මෙයට අමතර ව සියලු ශිල්පීන්ට සේවා සුරක්ෂිත භාවය ඇතිකිරීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරෙනු ඇත. මෙකී වැඩසටහනට සම්බන්ධවන සියලු ශිල්පීන්ට සමාජ රක්ෂණයක් සහ විශ්‍රාම වැටුපක් ලබාදීමේ වැඩපිළිවෙළක් ද ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ ක්‍රියාවට නැංවෙනු ඇත.  මෙම වැඩපිළිවෙළ දිවයින පුරා ඉදිරි කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කෙරේ. 
     
    එහි ආරම්භක පියවර බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන අතර ඒ සඳහා බස්නාහිර පළාතේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන්, එම කාර්ය මණ්ඩල , ආර්ථික සංවර්ධන නිලධාරීන් , ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් , එහි තාක්ෂණ නිලධාරීන්, ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවා මහත්ම මහත්මීන් රැසකගේ දායකත්වයෙන් දිවයින පුරා විසිර සිටින ඉදිකිරීම් ශිල්පීන්ගේ තොරතුරු රැස්කිරීම  සිදුකෙරේ.  මෙම සමීක්ෂණය බස්නාහිර පළාත තුළ නොවැම්බර් මස 30 දින ආරම්භ කර දින 10 ක කාලපර්ච්ඡේදයක් තුළදී නිම කිරීමට අපේක්ෂා කෙරේ. 
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ඉදිකිරීම්, අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ (ICTAD) මෙහෙයවීම මත ජාතික ඉදිකිරීම් සංගමය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක් ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි. 
     
    පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත තුළින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක ඉදිකිරීම් කර්මාන්තය පොදු ප්‍රතිපත්තියකට රැගෙන ඒම හා එයට දායක වන සියලු ම පාර්ශවයන්ගේ සිය වෘත්තීය හැකියාව වර්ධනය කිරීම උදෙසා සහයවීම හා මගපෙන්වීම මෙමගින් අපේක්ෂා කෙරේ.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ. ඒ. තිලකරත්න , එහි අතිරේක ලේකම් (තාක්ෂණ) සී.ඩී.ඩබ්ලිව්. අලහකෝන්, අතිරේක ලේකම් ( පාලන) බී. ජී. එස්. ගුණතිලක, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපති අනුර දසනායක, ජනසෙවණ නිවාස මහ ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය , ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති  දේශමාන්‍ය සුනිල් ලියනාරච්චි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ආර්. ජ්‍යෙචන්ද්‍රන්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව් සාමාන්‍යාධිකාරී එම්. ඩී. එස්. විජයබණ්ඩාර යන මහත්ම මහත්මීහු, බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල 
    පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB
     
    Idikirim.jpg1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya