නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන්නි නැවත පදිංචිකිරීම් පිළිබඳ යුද හමුදාපති සොයා බලයි

    නොවැම්බර් 25, 2014
    වන්නි ප්‍රදේශයේ නැවත පදිංචි කළ ගම්මාන දෙකක කටයුතු පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා පසුගිය දින එම ගම්මාන දෙකෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
     
    කොක්කෙලිය සහ නන්දිමිත්‍ර ගම නැමැති ගම්මාන දෙකෙහි කටයුතු ඒ අනුව සොයා බැලීමට යුද හමුදාපතිවරයා එක්වූයේ වන්නි ආරක්ෂක අණදෙන නිලධාරී මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ ආරාධනයක් අනුවය.
     
    මෙහිදී යුද හමුදාපතිවරයා නැවත පදිංචි කළ ජනතාව සමඟ සුහද කථාබහක නිරත වූ අතර ඔවුන්ගේ අවශ්‍යතාවයන් මෙන් පොදු පහසුකම් පිළිබඳ ව ද සොයා බැලීය.
     
    මෙම ගම්මානයන් හි සංවර්ධන කටයුතු මෙන් ම , ඉදිකරමින් පවතින පොදු ස්ථාන පිළිබඳ ව ද සොයා බැලීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya