මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "යුක්තිය උදෙසා" Law Clinic කුරුණෑගල දී

    ඔක්තෝබර් 21, 2014
    වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතාගේ සංකල්පයක් මත  කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව එක් ව සංවිධානය කරනු ලබන Law Clinic - කුරුණෑගල වැඩසටහන ඔක්තෝම්බර් මස 25 දින පෙරවරු 9.00ට කුරුණෑගල නුවර පාරේ බිෂොප් වික්‍රමසිංහ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
     
    උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරේ.
     
    නඩත්තු නීතිය, පරිපාලන ගැටලු, දික්කසාද ආරවුල්, ඉඩම් ගැටලු, දේපළ නීතිය ආදී ජනතාවට බලපාන ප්‍රයෝජනවත් නීති උපදෙස් Law Clinic කුරුණෑගල වැඩසටහන මගින් ලබාගැනීමට හැකි වේ.
     
    සමාරම්භක වැඩසටහනේ දී Law Clinic -කුරුණෑගල ෆේස් බුක් පිටුව එළිදැක්වීම සිදු කිරීමට නියමිත ය.
     
    ප්‍රධාන ආරාධිත දේශනය ''අයිතිවාසිකම් අපේ ද?'' මයෙන් රජයේ අධිනිතිඥ නලින් හේවාවසම් මහතා විසින් පවත්වනු ලබන අතර "යුක්තිය උදෙසා" මැයෙන් වන දේශනය වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතා විසින් පවත්වනු ඇත.
     
    අත්දැකීම් බහුල, පළපුරුදු, ප්‍රවීණ නීතිඥයන් විසින් නොමිලේ නීති උපදෙස් ලබා දෙයි. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya