මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා භූමිය තුළ නව දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහිකිරීමේ උත්සාහයක්

    ඔක්තෝබර් 21, 2014
    ගෝලීය දෙමළ සංසදය සහ සංක්‍රමණික දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානය මැලේසියාවේදී රැස්වන්නේ ශ්‍රී ලංකා භූමිය තුළ නව දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහිකිරීමට සහ ඊට ගැළපෙන නව ජනාධිපතිවරයෙකු, නව ආරක්ෂක ලේකම්වරයෙකු පත්කරගැනීම සඳහා පිඹුරුපත් සකස් කරගැනීමට බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 
     
    මැලේසියාවේදී පවත්වන මෙම දෙමළ ඊළාම් සමුළුව සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත්තේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6 වන අදියර ආරම්භ කිරීම වෙනුවෙන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති සමාරම්භක 
     
    උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි. මෙම උත්සවය ඊයේ (20) දින කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී සිදු කෙරිණ.
     
    අද වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ මානව සම්පත්, යටිතල පහසුකම්, බලශක්තිය, සාක්ෂරතාව, නිවාස ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර රැසකින්ම අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටින බව ඔබ තමුන්නාන්සේලා දන්නවා. යුද්ධය අවසන් කිරීමෙන් පසු සංවර්ධනය කරා මෙරට අද වන විට ගමන් කරමින් තිබෙනවා.  මහින්දෝදය විද්‍යාගාර ඉදිවෙනවා. ඒ වගේම තාක්ෂණ විෂය හදාරමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට අවශ්‍ය වටපිටාව මේ වන විට සැකසිලා තියෙනවා. කාර්මික, තාක්ෂණික දැනුම අපේ දරුවන්ට ලබාදෙමින් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සැකසෙමින් පවතිනවා. දකුණු ආසියාවේ අනෙක් රටවලට වඩා අපේ රටේ ජනතාවගේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක පවතිනවා. විශ්වවිද්‍යාල විද්‍යායතන හැදෙන්නෙත් ගුණාත්මක මානව සම්පත් රට තුළ නිර්මාණය කිරීම සඳහායි. දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළේ වැදගත් රැකියාවල නිරතවීම සඳහා සුදුසු දරුවෙකු ඒ තුළින් අපට නිර්මාණය කිරීමට පුළුවන්  වෙනවා. ඒ වගේම බල ශක්ති ක්ෂේත්‍රයෙනුත් අපේ රට සුරක්ෂිත වීම වැදගත් වෙනවා. 
     
    රටක ස්වාධීනත්වයට බල ශක්ති ක්ෂේත්‍රයෙන් ඒ රට සුරක්ෂිත වීම වැදගත් වන බව පැහැදිලියි. පසුගිය කාලයේ දී  ඩීසල් විදුලිබලාගාර මාෆියාවක් මෙරට තුළ පැවතුණා. නමුත් අද ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාගැනීම සීමාවෙලා තියෙනවා.  ජල විදුලි බලාගාර හා තාප විදුලි බලාගාර මඟින් විදුලිය වැඩි වශයෙන් උත්පාදනය කරගැනීමට 
    වත්මන් රජයේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ නිසා ඩීසල් විදුලි බලාගාර මාෆියාවෙන් මේ රට මුදා ගැනීමට ජනාධිපතිතුමන් ප්‍රමුඛ මේ රජය කටයුතු යොදා 
    තිබෙනවා.  ඒ නිසා තමයි තමුන්නාන්සේලාගේ ගෘහස්ථ විදුලි බිල 25% කින් අඩු කිරීමට 
    අපිට හැකියාව ලැබුණේ. 
     
    ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා රජය විසින් දියත් කරන දිවි නැඟුම වැනි වැඩසටහන් නිසා දකුණු ආසියා කලාපයේ සාගින්නෙන් සිටින අඩු ම ජනතාවක් වෙසෙන රට බවට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ග්‍රාමීය හා නාගරික ජනතාවගේ ගෘහ ආර්ථිකය නගාසිටුවීම තුළ වස විසෙන් තොර කෘෂි නිෂ්පාදනයක් වෙළෙඳපොළට පැමිණෙන්නේ මෙවැනි දිවි නැගුම වැනි වැඩසටහන්වල සාර්ථකභාවය නිසා යැයි ද පෙන්වා දුන්නේය. 
     
    සෑම ක්ෂේත්‍රයකින් ම ඉදිරියට එන මේ මාතෘ භූමිය නැවත වතාවක් අස්ථාවර කිරීමට දේශීය හා විදේශීය බලවේග කටයුතු කරමින් සිටින බව තේරුම් ගත යුතු ව තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, නාගරික මන්ත්‍රි සමන් කුමාර, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඩී. දයාවතී මහත්ම මහත්මීහු, රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya