මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ ජනදිරිය යටතේ කාන්තාවන් 1000කට කෝටි 10ක ණය මුදලක්

    ඔක්තෝබර් 21, 2014
    වයඹ පළාතේ පවුල් 1000කට කෝටි 10ක් ණය ලබාදීමට කටයුතු කරන බවත්, දැනටමත් පවුල් 10000ක් විතර සකසා ඇති බවත් පැවසූ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා තවදුරටත් පැවසුවේ, දෙසැම්බර් මාසය වෙනකොට සියලු ම පවුල් 42150කට ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

     අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පඬුවස්නුවර ජාතික පාසලේ පැවති ජනදිරිය සමාරම්භක නිල උත්සවයේ කාන්තාවන් 1000කට රුපියල් කෝටි 10ක ණය ලබාදීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මේ ක්‍රියාදාමය  යටතේ  පවුල ශක්තිමත් කරන්න අපි වැඩපිළිවෙළක් කරනවා. හැම ණය ලාභියෙක් ම තමන්ගේ ම කියලා ගෙවත්තක් හදාගත යුතුයි. මගේ බලාපොරොත්තුව ලක්ෂයක් කාන්තාවෝ එකතුවෙන කොට ගෙවතු ලක්ෂයක් වයඹ පළාතේ ඉදිකිරීම. ඒ ගෙවතු වස විසවලින් තොර එළවළු වගා කරන ගෙවතු බවට පත්වෙනවා. ඒ වගේ ම සමුපකාරයේ වස විසවලින් තොර ආහාර මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු කරනවා. එවිට වයඹ පළාතේ වස විසවලින් තොර ආහාර ගන්නා  පිරිසක් බවට අපේ ජනතාව පත්වෙනවා. අපි හැමෝ ම එක පවුලක් විදියට තමයි මේ ගමන යන්නේ. මහ ඇමති විදියට ජනදිරිය ක්‍රියාදාමය ඉදිරියට ම කරගෙන යනවා. මේ වැඩසටහන් පිටිපස්සේ මම තමුන්නාන්සේලා එක්ක ඉන්නවා. මම හිටියත්, නැතත් මේ ව්‍යාපාරය තමුන්නාන්සේලාගේ ව්‍යාපාරයක් බවට පත්කර ගත යුතුයි. ජනදිරිය කියන්නේ ඔබේ ව්‍යාපාරයක්. ජනදිරියෙන් ගොඩනැගෙන්නේ ඔබේ ජීවිත. තව අවුරුද්දකින් පමණ ජනදිරියෙන් යුතු පළාතක් බවට ඔබගේ වයඹ පළාත පත්වෙනවා. පවුල් 1000කට රුපියල් කෝටි 10ක් ණය ලබාදීමට කටයුතු කරනවා. දැනටමත් පවුල් 10000ක් විතර හදලා තියනවා. දෙසැම්බර් මාසය වෙනකොට සියලු ම  පවුල් 42150කට ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. 

     කාන්තාවන් 42150කගේ ශක්තිය අපි  මේ සංවර්ධන කටයුතු සමඟ පෙන්වනවා. ඒ තමයි අපේ ශක්තිය. ඔබ අපේ සහෝදරයෙක්, සහෝදරියක්. අපේ හදවත් සමඟ බැඳුණු අය. ජනාධිපතිතුමා වැඩපිළිවෙළවල් ගණනාවක් ආරම්භ කරා. එතුමා පළවෙනියෙන් යුද්ධය අවසන් කළා. 2005 ඉඳලා 2009 වෙනකන් මහා සංග්‍රාමයක් තිබුණේ. සංවර්ධනය කිරීම අතරතුර යුද්ධය කළා. 2009 ඉඳලා 2014 වෙනතුරු එතුමා සංවර්ධනයේ සංග්‍රාමය පටන් ගත්තා.  

     දැන් පාරවල් හදලා ඉවරයි. ගුවන්තොටුපොළවල් හදලා ඉවරයි. විදුලිය ලබා දීලා ඉවරයි. ජලය ලබාදීමත් 2016 වෙනකොට අවසන් කරනවා. ජනාධිපතිතුමා 2015 ඉඳලා ඔබගේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. 

     රජයේ රක්ෂා ගැන නෙමෙයි ඔබට ස්වයංව නැගිටින්න පුළුවන් වැඩපිළිවෙළක් ඒ සමඟ ආරම්භ වෙනවා. සමුපකාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරී මණ්ඩලය මේ ක්‍රියාදාමයන් ට විශේෂයෙන් ශක්තිය දෙනවා. ඒ වගේ ම වෛද්‍යතිලක මහතා සමුපකාරයේ උපදේශකවරයෙක් ලෙස අපට ශක්තිය දෙනවා. අද අපි එකතුවෙලා ගෙවතු ලක්ෂයක්, කාන්තාවෝ ලක්ෂයක් සහ ව්‍යාපාර ලක්ෂයක් පටන් ගැනීම ආරම්භ කරලා තියනවා. එවිට අපේ එක ආර්ථික සංවර්ධන ව්‍යාපාරයක් අපි අවසන් කරනවා. මේ වැඩපිළිවෙළ පටන් ගත්තා වගේ තව ව්‍යාපාර එකින් එක ගම් ඇතුලේ පටන් ගන්න ශක්තිය මම තමුන්නාන්සේලාට දෙනවා. ජනදිරිය නංවාලීමට කටයතු කරන අපේ සහෝදරවරුන්ට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට යතුරුපැදි දීලා වැටුප් වැඩි කරලා.
     
    ඔබව ශක්තිමත් කරනවා. අද සමුපකාරය අලුත් තැනකට ගෙනල්ලා තියනවා. 58ක් විතර තිබුණු ලීසිං සමාගම් ටික 10කට වගේ අද අඩුවෙලා තියනවා. සමුපකාර ලීසිං සමාග ම අපි කාටවත් විකුණන්නේ නෑ. අපි වයඹ පළාතේ හරියට සමුපකාර  ලීසිං සමාග ම ගොඩනගලා නැවත ආරම්භ කරනවා. සමුපකාරයේ  සේවකයෝ 6000ක් පමණ මේ රැල්ලට එකතුවෙලා ඉන්නවා. ලබන ජනවාරි මාසයේ ඉඳලා රුපියල් 4000කින් ඔවුන්ගේ වැටුප වැඩි කරනවා. ඒ වගේ ම වයඹ පළාතේ වැසුණු ආයතන නැවත ගොඩනගනවා. ඒ නිසා අපිට, වයඹට හෙටක් තියනවා. මේ වැඩකටයුතු සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න.  මෙම අවස්ථාවට පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති  එමල් ප්‍රියන්ත හේරත්,  වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩී.එම්.කේ.සී. දිසානායක, හිටපු සමුපකාර සංවර්ධන කොමසාරිස් රංජිත් වෛද්‍යතිලක, වයඹ ග්‍රාමීය බැංකු සංගමයේ ප්‍රධාන විධායක ආචාර්ය එල්.පී. අමරකෝන්, ජනදිරිය ව්‍යාපෘති කළමනාකරු සුදර්ශන ලංකාතිලක, සහකාර සමුපකාර කොමසාරිස්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya