මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස සා/පෙළ පස්වැනියාට නව නිවසක්

    ඔක්තෝබර් 21, 2014
    2012 වසරේ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ, විභාගයෙන් දිවයිනේ පස්වෙනියා වූ රත්නපුර පොල්වත්තේ පදිංචි සහන් ලක්ෂිත ශිෂ්‍යයාට නව නිවස භාරදීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) සිදු කෙරේ.
     
    සහන් ලක්ෂිත ශිෂ්‍යයා වෙත රුපියල් ලක්ෂ 18ක් වටිනා ජන සෙවණ නව නිවස භාර දීම අද පෙරවරු 10.00ට අංක 423/73, ගල්කඩුව වත්ත, නව නගරය, රත්නපුර ලිපිනයේ පිහිටි ස්ථානයේ දී එය සිදු කෙරේ.
     
    මෙම ජන සෙවණ නව නිවස නිදන කාමර 2කින්, සාලයකින්, මුළුතැන්ගෙයකින් සහ නාන කාමරයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මෙම නිවස ඉදිකර තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya