මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර රාජ්‍ය සේවකයන්ට නිවාස ණය

    ඔක්තෝබර් 21, 2014
    රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 200 දෙනෙකු සඳහා රුපියල් මිලියන 72ක් වටිනා ජන සෙවණ උපහාර නිවාස ණය ප්‍රදානය කිරීම හා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම අද (21) ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට රත්නපුර නව නගරයේ පිහිටි සමුදි උත්සව ශාලාවේ දී සිදු කෙරේ. 
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.
     
    මීට අමතර ව එම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී පවුල් 60ක් සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ද මෙදින සිදු කෙරේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර, විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya