මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරියෙකුට ම රැකියාවක්

    ඔක්තෝබර් 21, 2014
    ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙන් එළියට එන සෑම ඩිප්ලෝමාධාරියකුට ම රැකියාවක් සොයා ගැනීමේ අපහසුතාවක් නොමැතිවා සේ ම ඒ අයට උපාධිය, පශ්චාත් උපාධිය දක්වා යා හැකි මාවත සැකසීමට ද මාවත සකසන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඩිප්ලෝමාධාරීන් 576දෙනෙකුට ඩිප්ලෝමා ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
     
    මේ වන විට ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (AIT- Advanced Technological Institute)ලෙස නම් කර තිබෙන මෙම ආයතනය නොබෝ දිනකින් උසස් තාක්ෂණ ආයතනය බවට පත් කරන බව ද එතුමා පැවසීය. 
     
    ලෝකයේ මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 අතරේ පවතින AIT ආයතනය, ඉන්දියාවේ IIT ආයතනය වැනි සියලු පහසුකම්වලින් සපිරි ආයතනයක් ලෙස මෙම ආයතනය සංවර්ධනය කිරීමට මේ වනවිටත් සියලු සැලසුම් සකසා තිබෙන බවද එතුමා පැවසීය.
     
    රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත්වීමට ඉතා ම සුළු ලකුණු ප‍්‍රමාණයක අඩුවක් පවතින දරුවනුයි. ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට ඇතුළත් වන්නේ. ඊටත් වඩා ලකුණු කිහිපයක් අඩු සිසුන් වෘත්තීය පුහුණු ආයතනවලට, කාර්මික විද්‍යාලවලට ඇතුළත්  වෙනවා. එසේත් නොමැති නම් බාහිර උපාධිය සඳහා යොමු වෙනවා. මෙසේ රාජ්‍ය අංශයෙන් උපාධියක් ලබා ගැනීමට නොහැකි දරුවන්ට රාජ්‍ය නොවන ආයතනයකට ඇතුළත් වී උපාධියක් ලබාගැනීමට අවශ්‍ය වටපිටාව අපි දැන් සකසනවා. 
     
    රටෙන් එළියට යන කෝටි ගණන් ධනය රටේ ම ඉතිරිකර ගැනීමට, ඉතා අමාරුවෙන් තමන්ගේ ඉඩකඩම් විකුණා දරුවන් පිටරට යවන දෙමව්පියන්ට ලොව පිළිගත් උපාධි ලබාදෙන ආයතනකින් ලංකාවේ සිට ම උපාධිය ලබාගැනීමට අවස්ථාව මේ මඟින් 
    ලැබෙනවා.
     
    රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් මෙන් ම සංවර්ධනය කරන අතර ම එය ශක්තිමත් කරන බවත් එමෙන් ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල දිරි ගන්වන්නේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන අතර ම ‘අධ්‍යාපනයේ නිදහස’ ද පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. හිලරි ද සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම, HETC ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය නන්දසේන මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya