මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ "ජන සෙවණ" නිවාස හිමිකම් ඔප්පු පිරිනැමීම අද

    ඔක්තෝබර් 21, 2014
    කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රතිලාභී පවුල් 100ක් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරු 3.00ට කෑගල්ල, නගර ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.
     
    මෙයට සමගාමීව ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) විසින් පැවැත්වූ එක්දින පුහුණු වැඩමුළුවට සහභාගී වූ වඩු කාර්මිකයන් හා පෙදරේරු ශිල්පීන් 381ක් දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරේ.
     
    "මහින්ද චින්තන ඉදිරිදැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජන සෙවණ" නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
     
    සමස්ත කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි මෙම ප්‍රතිලාභීන් තෝරා ගෙන තිබේ.
     
    මෙම අවස්ථාවට ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya