මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට ප‍්‍රධාන ජලාශ හා කුඩා වැව් 2,800ක් නවීකරණයට ජනපති උපදෙස්

    ඔක්තෝබර් 21, 2014
    රජරට ප‍්‍රදේශයේ මේ වන විට අබලන්ව ඇති ප‍්‍රධාන ජලාශ හා කුඩා වැව් 2,800ක් නවීකරණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන්ට උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.
     
    අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන ජලාශවල රොන් මඩ තැන්පත් වීම නිසා අඩු ජලධාරිතාවක් සහිත සෑම වැවක් ම නවීකරණය කිරීමට "රජරට වැව් බැඳ - රන් අස්වනු නෙළමු" සංකල්පය අනුව සැලසුම් කර ඇත.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ වැව් ප‍්‍රතිසංස්කරණයට සියලු මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට ද කටයුතු කරන අතර රජරට කුඩා වැව්වල රොන් මඩ ඉවත් කිරීම, ඒවාට අයත් වාරිමාර්ග ඇළ පද්ධති අලුත්වැඩියා කිරීමට ඉහළ ම ප‍්‍රමුඛත්වය ලබා දෙන මෙන් ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
     
    මේ වන විට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා කුඩා වැව් 50ක රොන් මඩ ඉවත් කොට එම වැව් ගැඹුරු කිරීමට කටයුතු කෙරෙමින් පවතී.
     
    ජනපති උපදෙස් මත 2011 වසරේ දී අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ වැව් 500ක ප‍්‍රතිසංස්කරණ කටයුතු කර ඇත. 2014 වසරේ එතුමාගේ සංකල්පයට අනුව වැව්වල රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර එම කාර්යන් සඳහා රුපියල් ලක්ෂ 200ක මූල්‍ය ප‍්‍රතිපාදන සපයා දී තිබේ. මේ දැවැන්ත ව්‍යාපාරය සඳහා මිලියන දහස් ගණනින් මුල්‍ය ප‍්‍රතිපාදන රජය විසින් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya