ඒ මඟින් ප්‍රදේශයේ වැව් 17කට අධික ප්‍රමාණයකට, ප්‍රධාන ඇළ මාර්ග 03ක් ඔස්සේ ජලය සපයනු ඇත. මෙම වැව් අතර පහළ කුඹුක් වැව, වෙහෙරපැලැස්‌ස වැව, මීගස්‌දුර වැව, මල්අස්‌නාව වැව, මුල්පිට වැව, මහඅලුත්ගම්ආර වැව, පල්ලෙවත්ත වැව, බෝගහඉදි වැව, කළවැලිතුරආර වැව, මහඉදි වැව, හොදි පෙරළුණු වැව, කුඩාඉදි වැව, රන්මුදු වැව, බඳගිරිය වැව, මිහිඳු වැව ප්‍රධාන වේ. ගොවිතැන සඳහා මව්ආර ව්‍යාපෘතියේ ජලය සූරිය වැව පහළ කුඹුක්කන්වැවේ සිට කපුකිනිස්ස යාය දක්වා අඩි 20ක් පොළොව යටින්, මීටර් 800ක් දුරට ගෙනයන්නේ පළාතේ අනිකුත් වාරි මාර්ගවලට ද බාධා නොකරමිනි.
සමහර දිස්ත්‍රික්කවල දැනට පවතින නියඟය නිසා ගොවි ජනතාව මහත් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත. නියඟය ගොවීන් අපහසුතාවට පත් කළ ද මේ වන විටත් මව්ආර ජලාශයෙන් කුඹුරු අක්කර 1,000ක් සහ ගොඩ ඉඩම් අක්කර 2,000ක පමණ ප්‍රමාණයක් වගා කිරීම සඳහා ජලය ලබාදෙනු ඇත. නියඟය නොමැති කාලවල සාමාන්‍යයෙන් කුඹුරු අක්කර 3,160කට අධික ප්‍රමාණයකුත් අතිරේක බෝග වගාවන් අක්කර 5,000කට අධික ප්‍රමාණයකුත් එම ජලයෙන් වගා කෙරේ.
ප්‍රදේශවල දැඩි නියං තත්ත්වයක් බලපා තිබියදීත් ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා වගා බිම්වලට අවශ්‍ය ජලය මව්ආර ජලාශය මඟින් බාධාවකින් තොර ව ලබාදෙන බැවින් ගොවි ජනතාව, රජයට සහ පරිණත දේශපාලනඥයෙකු වන කතානායක චමල් රාජපක්‍ෂ මහතා වෙතත් ස්තූතිය පුද කර සිටිති.
NDH/HC