මහින්දෝදය ද්විතීයක පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල මො/ කිරිඉබ්බන්වැව බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, සෙවනගල මො/කොවුල්ආරගම මහා විද්‍යාලය, සෙවණගල මො/සෙවණගල මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හෙට (05) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් විවෘත කිරීමට නියමිතය.
මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් පරිගණක 40කින් සමන්විත පරිගනකාගාරයකින්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගි වීමට නියමිතය.