නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට වායුසමනය කළ නැරඹුම් මැඳිරියක්

    සැප්තැම්බර් 03, 2014
    කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් වායුසමනය කළ නැරඹුම් මැඳිරියක් එක්කිරීම ඊයේ (02) සිදු කෙරිණි.


    කොළඹ කොටුවෙන් පස්වරු 3.35ට මහනුවර බලා පිටත්වන මේ දුම්රියට සවි කරන ලද නව නැරඹුම් මැඳිරිය ආසන 44කින් හා සියලු පහසුකම්වලින් සමන්විත වේ. රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී මේ මැඳිරිය නැරඹුම් තත්ත්වයට ගත හැකි පරිදි සකස් කර ඇත. මෙහි ආසනයක මිල රුපියල් 800කි.

    මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙවැනි සංවර්ධනයන් හඳුන්වා දීමෙන් මගියාට මෙන් ම දුම්රිය සේවයට ද ඉහළ අගයක් එක් වන බව සඳහන් කළේය.

    දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතාත් කොළඹ කොටුව දුම්රිය අධිකාරී ඇතුළු නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya