සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල සැප්තැම්බර් 06 සහ 07 දින දෙකේදීද පැවැත්වීමට නියමිතය.
කිතුල් නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවන් සඳහා අලෙවි පහසුකම් සැලසීම සහ පාරිභෝගිකයන් සඳහා නියම කිතුල් නිෂ්පාදන මිල දී ගැනීමට අවස්ථාවක් සලසාදීමත් අරමුණු කර ගනිමින් මෙම ප්‍රදර්ශනය මහනුවරදී පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙයයි.
දිවයින පුරා විසිරී සිටින කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ සාර්ථකව නියැළී සිටින කර්මාන්තකරුවන් රැසක් මෙම ප්‍රදර්ශනයේ අලෙවි සහ ප්‍රදර්ශන කුටි පවත්වන අතර කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා සේවා සපයන රාජ්‍ය ආයතනවල තොරතුරු කවුළු කිහිපයක්ද මෙහි විවෘත කර තැබීමට නියමිතය.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය මඟින් මෙම උත්සවය සම්බන්ධීකරණය කරනු ලබයි.