නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත පදිංචි කරන ලද ජනතාවගේ වගා පහසුකම් නැංවීමට මිලියන 10ක

    සැප්තැම්බර් 03, 2014

    ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය පසු ගිය වසර තුනක කාලපරිච්ඡේදය තුළ නැවත පදිංචි කරන ලද ගොවීන්ගේ  කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් නැංවීම සඳහා රුපියල් මිලියන 10ක් වැය කර ඇත.
     

    ඒ අනුව 2012 වසරේ රුපියල් ලක්ෂ 25ක්, 2013 වසරේ ලක්ෂ 50ක් සහ මෙම වසරේ (2014)  රුපියල් ලක්ෂ 25ක් වශයෙන් මෙම රුපියල් මිලියන 10ක් ලබා දී ඇත.

    වසර තිහක් තරම් දීර්ඝ කාලයක් යුදමය වාතාවරණයකට මැදිව සිටි මොවුන්ගේ කෘෂිකාර්මික ජීවනෝපායයන් යථා තත්ත්වයට පත් කරමින් ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන ජාතික කෘෂිකාර්මික පද්ධතියට එක් කර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර ඇති බව ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතා පවසයි.

    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya