මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චන්ද්‍රසේල පිරිවෙනේ ධාතු හා නිධන් වස්තු තැන්පත් කිරීම

    අගෝස්තු 18, 2014

    කුරුණෑගල, පොතුහැර, චන්ද්‍රසේල පිරිවෙනේ ඉදිවෙමින් පවතින චෛත්‍යරාජයාණන් වහන්සේගේ ගර්භයේ ධාතු හා නිදන් වස්තු තැන්පත් කිරීම පසුගියදා සිදු කෙරිණි. 

     

    එම පුණ්‍යෝත්සවය නිකවැරටිය බුදුමුත්තාව ශ්‍රී විශ්වකීර්ති පරිවෙනාධ්‍යක්ෂක වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඹගොල්ලේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ, පාදෙනිය රජමහා විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කමුටුළුවේ සුමනරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

     

    මෙම අවස්ථාවට උද්භිද උද්‍යාන සහ පොදු විනෝද කටයුතු අමාත්‍ය ජයරත්න හේරත්, වයඹ පළාත් සභා මන්ත්‍රී ටිකිරි අධිකාරී, කුරුණෑගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන බාලසූරිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya