මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් පාසල් පරිගණක නඩත්තු කිරීම් 25 සිට

    අගෝස්තු 18, 2014
    අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් ස්ථාපිත කරන ලද දෘඩාංග හා ජාලකරණ විසඳුම් සංචිතයේ ගුරුභවතුන් යොදවා ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් මට්ටමේ වාර්ෂික පරිගණක නඩත්තු කිරීමේ ජාතික වැඩසටහනේ 2014 වර්ෂය සඳහා වන දකුණු පළාත් වැඩසටහන අගෝස්තු 25 සිට 28දක්වා ක්‍රියාත්මක කෙරේ.
     
    ඒ අනුව පරිගණක නඩත්තු කිරීමේ කටයුතු 25දා දකුණු පළාතේ පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයේ ද, 26දා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ද, 27 හා 28 දෙදින හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයේ දී ද පැවැත්වීමට නියමිතය.      
     
    මෙම වැඩසටහන උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයෙන් අගෝස්තු මස 03දා ආරම්භ කෙරුණු අතර 28 දා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අවසන් වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya