මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික ජනාවාස දරු දැරියන් සඳහා ප්‍රජා සම්පත් මධ්‍යස්ථාන

    අගෝස්තු 17, 2014
    නාගරික ජනාවාසවල ජීවත්වන දරු දැරියන්ගේ අධ්‍යාපනික හා අනෙකුත් කුසලතාවන් වර්ධනය කර යහපත් අනාගතයක් ඇතිකිරීම උදෙසා සෑම නාගරික ජනාවාසයක් ම ආවරණය වන පරිදි ප්‍රජා සම්පත් මධ්‍යස්ථාන ආරම්භ කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ "කොළඹ ළමයි - 2014" නාගරික ජනාවාස ළමා කෙටි නාට්‍ය තරගාවලියේ සමාරම්භය වෙනුවෙන් ඊයේ (16) දින කොළඹ 07, ග්‍රීන්පාත් නව නගර ශාලාවේ දී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
     
    "වරප්‍රසාද බොහෝ දුරට අහිමිකර දමා තිබෙන, අදෘෂ්‍යමාන බලයක් විසින් යටපත් කොට තිබෙන, කොන් කරන ලද කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල දරුවන්ගේ හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය කරන්න, දරුවන් අතර කලා හැකියාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න, දරුවන්ට ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරන්න, ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කරන්න නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන නාගරික ජනාවාස ප්‍රජාව අතර පැතිරුණු වැඩසටහනක් බවට පත්වී තියෙනවා. අද ක්‍රියාත්මක වෙන කොළඹ ළමයි වැඩසටහන සඳහා  දරු දැරියන් 20000කට අධික පිරිසක් සහභාගි වීමෙන් එය මනාව පැහැදිලි වෙනවා. මෙම දරු දැරියන්ගේ දක්ෂතා වර්ධනය කිරීම වෙනුවෙන් පරිගණක පහසුකම් සහිත ප්‍රජා සම්පත් මධ්‍යස්ථාන නුදුරු අනාගතයේ දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ජනසෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන යටතේ නාගරික ජනාවාසවල ජීවත්වන දරු දැරියන්ගේ සෞන්දර්ය හා කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ ළමයි 2014 වැඩසටහන ක්‍රියාත්මක වේ. 
     
    ඒ අනුව නාගරික ජනාවාස දරු දැරියන්ගේ නාට්‍ය කුසලතාවන් වර්ධනය කිරීමේ අරමුණෙන් ළමා කෙටි නාට්‍ය තරගාවලිය ආරම්භ කෙරිණ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධීක්ෂණය හා විනිශ්චය යටතේ මෙහි තරග පැවැත්වේ. නාට්‍ය තරගාවලියේ පළමු වටයේ තරග මේ මස 16, 17 හා 18 තෙදින තුළ කොළඹ ග්‍රීන්පාත් නව නව නගර ශාලාවේදී පැවැත්වෙන අතර ළමා කෙටි නාට්‍ය තරගාවලිය සඳහා කෙටි නාට්‍ය 75 ක් ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    අනතුරුව නාගරික ජනාවාස දරුවන් විසින් නිර්මාණය කළ කෙටි නාට්‍ය මෙහිදී ඉදිරිපත් කෙරිණ.
     
    මෙම අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නෙරන්ජන් කුරුකුලසූරිය, ජනසෙවණ ජාතික නිවාස ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරුන්, මව්පියන් සහ දරු දැරියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya