අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනගාරික ධර්මපාල මහා සෑයට මුල්ගල් තැබීම හෙට‍

    අප්‍රේල් 05, 2014
    පන්නිපිටිය, පැලැන්වත්ත, වැලිපත, ශ්‍රී සෝරත ධර්මායතනයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා සෑය සඳහා  මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය හෙට (06) පෙරවරු 9. 34ට යෙදෙන සුබ මොහොතින් එම ධර්මායතන භූමියේදී සිදුකෙරේ.
     
    ශ්‍රීමත් අනගාරික ධර්මපා‍ල හෙළ මහා විරුවාණන්ගේ150 වැනි ජන්ම දිනය හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 44 වැනි සංවත්සරය නිමිති කරගනිමින් ශ්‍රී සෝරත ධර්මායතනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික පූජ්‍ය පන්විල සෝරත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, විහාරස්ථ චෛත්‍ය සංවර්ධන සමිතියේ හා සැදැහැවත් දානපතීන්ගේ සංවිධායකත්වයෙන් මෙම මහා සෑය ඉදිකෙරේ.
     
    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි, සියම් මහා නිකායේ ඌව පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ  නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමි සහ අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ සහ ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන්  මෙම මහා සෑය සඳහා මුල්ගල් තැබීම සිදුකිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya