මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹේ

    අගෝස්තු 14, 2014

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

    විවෘත ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය කරමින් මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය ඉදිකිරීම් සමාගමක් තෝරාගෙන ඇති අතර, එහි මූලික ඉදිකිරීම් කටයුතු දැනට සිදු කෙරෙමින් පවතී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ අක්කර 11ක භූමි භාගයක ඉදිකෙරෙන මෙම තොරතුරු තාක්ෂණ උද්‍යානය මුල් අදියර තුළ වර්ග අඩි දෙලක්ෂයක ඉදිකිරීම් සිදු කිරීමට පියවර ගෙන ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3.5ක මුදලක් වැය කිරීමට යෝජිත බව අනූෂ පැල්පිට මහතා පැවසීය. ඉදිකිරීම් කටයුතු ආරම්භ කර වසර දෙකක් ඇතුළත එහි වැඩ අවසන් කිරීමට පියවර ගෙන ඇති අතර, මෙමගින් තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීම අරමුණු කෙරේ.

    මේ යටතේ හම්බන්තොට, මාතර, රත්නපුර, මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාවට වැඩි ප්‍රතිලාභයක් හිමිවනු ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මහ පෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා  වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya