මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් කාර්තුවේ නිෂ්පාදන බදු ආදායම 23.6%කින් වර්ධනය වේ

    අගෝස්තු 14, 2014
    2014 මුල් මාස හතර තුළ දී මද්‍යසාර, දුම්වැටි හා දුම්කොළ, ඛනිජ තෙල්, මෝටර් රථ සහ අනිකුත් අංශ ආදියෙන් ලද නිෂ්පාදන බදු ආදායම 2013 වර්ෂයේ මුල් මාස හතරේ වු රුපියල් මිලියන 57,984ට සාපේක්ෂව රුපියල් මිලියන 71, 651 දක්වා 23.6%කින් වර්ධනය වී ඇත.
     
    2013 වර්ෂයට සාපේක්ෂව සැර මද්‍යසාර නිෂ්පාදන 0.3%ක අඩුවීමක් පෙන්නුම් කළ ද දේශීය ව නිෂ්පාදනය කළ විදේශීය ස්ප්‍රීතු, පොල් හා සැකසු අරක්කුවල නිෂ්පාදන බදු වැඩි කිරීම හේතුවෙන් ඉන් ලද බදු ආදායම 8%කින් වර්ධනය වී ඇත.
     
    නිෂ්පාදනය 8.3%කින් වැඩිවීම හා නිෂ්පාදන බදු වැඩිවීම හේතුවෙන් 2014 වර්ෂයේ මුල් මාස 4 තුළ ධාන්‍ය මද්‍යසාරවලින් ලද බදු ආදායම 2013 වර්ෂයේ මුල් මාස හතරට සාපේක්ෂව 20.9%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.
     
    මෙම කාලය තුළ දුම්කොළ නිෂ්පාදනය 11.3%කින් අඩු වුව ද දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බදු වැඩිවීම හේතුවෙන් 2014 මුල් මාස හතර තුළ දී දුම්වැටි සහ දුම්කොළවලින් ලද නිෂ්පාදන බදු ආදායම රුපියල් මිලියන 17,524 දක්වා 4%කින් වර්ධනය වී ඇත.
     
    එමෙන්ම මෝටර් රථ වාහන සඳහා වු විශේෂ නිෂ්පාදන බදුවලින් ලද ආදායම 2013 වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් මිලියන 29,490ක් දක්වා 49.5%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya