මාතර නගරයට අති විශාල අඩුපාඩුවක්ව පැවති ශ්රවණාගාරයක් සහිත නගර ශාලාවක් ඉදිකිරීමට 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 300ක් වෙන්කිරීමට රජය කටයුතු කර තිබේ. මාතර නිල්වලා ගඟ ආශ්රිතව ඉදිකිරීමට නියමිත මෙම නගර ශාලාවේ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 500කි. මෙහි ඉදිකිරීම් කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතය. DB/ TI - dmu matara