අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ණය

    අගෝස්තු 12, 2014
    බදුල්ල දිස්ත‍්‍රික්කයේ සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකරගැනීම පිණිස ණය මුදල් ප‍්‍රදානය කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත‍්‍රික් කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි. 
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක‍්‍රියාත්මක "අඩු පහසුකම් නිවාස ණය වැඩසටහන" යටතේ මේ වන විට නිවාස ඉදිකිරීම අරඹා එම කටයුතු නිම කර ගැනීමට නොහැකිව සිටින නිවාස හිමියන් හට විශේෂයෙන් මෙම ණය මුදල් ප‍්‍රදානය කරනු ලබයි. 
     
    මෙහිදී ප‍්‍රතිලාභීන් 60 දෙනෙකු සඳහා ණය මුදල් ප‍්‍රදානය කෙරුණු අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත‍්‍රික් කළමනාකරු එස්.කේ. හෙට්ටිආරච්චි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාගේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ ලේකම් නීතීඥ චමින්ද මහානාම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අදාළ චෙක්පත් ප‍්‍රදානය කෙරිණි. 
     
    DB/ BH - dmu badulla
     
    badulla houseing loan
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya