අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය ඖෂධශාලා අපද්‍රව්‍ය කළමනාකරණයට වැඩපිළිවෙළක්

    අගෝස්තු 12, 2014
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඖෂධ ශාලා අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සෞඛ්‍ය සේවා අංශ මඟින් ක්‍රියාත්මක කිරීමට නව වැඩපිළිවෙළක් සකස්කරන ලෙස දිස්ත්‍රික් ලේකම් වෙතින් අදාළ අංශ වෙත පසුගිය දින උපදෙස් ලබාදුන්නේය. 
     
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ නුවරඑළිය දිස්ත්‍රික් පරිසර කමිටුව සහ කෘෂිකර්ම කමිටුව පසුගිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස් වු අවස්ථාවේ දී ය. 
     
    මෙහිදී පරසර කමිටුව තුළ විශේෂ අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වූයේ පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ඉවතලන අපද්‍රව්‍ය ආදිය නිසි ලෙස බැහැර කිරීම සඳහා උපදේශන සේවාවක් අවශ්‍ය බවයි. එවැනි අපද්‍රව්‍ය නගරයේ විවිධ ස්ථානවලට බැහැර කිරීම සහ එවැනි අපද්‍රව්‍ය ජලාශ්‍රිත ප්‍රදේශවලට බැහැර කිරීම මඟින් ආසාදනකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබේ. එම නිසා එම අප ද්‍රව්‍ය කළමනාකරණයට නිසා වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේය. 
     
    එමෙන් ම විවිධ සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් පාරිසරිකව, ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් වැදගත් ස්ථාන ඉලක්ක කොටගෙන සිදු කරනු ලබන හානිදායක ක්‍රියාපිළිවෙත් පිළිබඳ ව විශේෂ අවධානයකින් සිටිය යුතු බවට ද මෙහි දී උපදෙස් දී ඇත.
     
    මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නගරයට උයන් වතු වැඩසටහන පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම මෙහි දී සිදු වූ අතර ඒ සඳහා පැවැත්වීමට යෝජිත කෘෂි බෝග වැඩසටහන සඳහා රාජ්‍ය අංශයේ ඉදිරිපත් වීමෙහි වැදගත්කම ද මෙහි දී මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 
    පෙන්වා දෙන ලදී.
     
    මේ අවස්ථාව සඳහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
     
    DB/MS dmu nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya