අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    NCDT - ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ තවත් අලුත් පිම්මක්

    අගෝස්තු 10, 2014

    ජාතික විනාශකාරී නොවන පරීක්ෂණ මධ්‍යස්ථානයක් (NCDT) ඔක්තෝබර් මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් විවෘත වීමට නියමිත බවත් මෙය ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට තවත් අලුත් පිම්මක් බවත් පරමාණු බලශක්ති අධිකාරියේ සභාපති, ආචාර්ය රන්ජිත් විජේවර්ධන මහතා විසින් හෙළි කරන ලදී.

     

    විනාශකාරී නොවන පරීක්ෂණ (NDT) යනු යම් ද්‍රව්‍යයනට හානි නොවන සේ සැඟවී ඇති දෝෂ හෝ අඩුපාඩු සොයා ගැනීම සඳහා ද්‍රව්‍යය පරීක්ෂණ සිදු කිරීමය. මෙම ද්‍රව්‍යයන් යකඩ, වානේ, ඇලුමීනියම් සහ කොන්ක්‍රීට් වැනි ඝන ද්‍රව්‍යයන් වේ.

     

     

    තාක්ෂණ, පර්යේෂණ හා පරමාණු බලශක්ති අමාත්‍යංශය යටතේ පරමාණු බලශක්ති අධිකාරිය විසින් භාණ්ඩාගාරය අනුග්‍රහයෙන් රුපියල් මිලියන 594ක පිරිවැයක් සමඟ මෙම ව්‍යාපෘතිය 2009 වසරේදී ආරම්භ කරන ලදී.

     

     

    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාව මඟින් අනුයුක්ත කළ කැලණිය නගරයේ අක්කර 1 ½ක භූමියක මෙම ඉදිකිරීම් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මා අතින් 2011 වසරේදී ආරම්භ විය‍.

     

     

    මෙම මධ්‍යස්ථානය පරීක්ෂණාගාර 16ක්, දේශන ශාලා 4ක්, එක් විභාග ශාලාවක්, ශ්‍රවණාගාරයක්, ප්‍රායෝගික කාමර 3ක්, NDT සඳහා ඉඩක්, විශාල යාන්ත්‍රීක පහසුකම්, වෙල්ඩින් පුහුණුවීමේ පහසුකම්, විද්‍යාත්මක හා පාලන කාර්යමණ්ඩල ඒකකයකින් සමන්විතය.

     

     

    ඉන්දියාව, පකිස්තානය, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය වැනි රටවල NDT ක්ෂේත්‍රෙය් උසස් තාක්ෂණික පරීක්ෂණාගාරයන්හි සිදු කරන පරීක්ෂණ මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද සිදු කිරීමට හැකියාව ලැබේ. තවද ශ්‍රී ලංකාව මෙවන් පරීක්ෂණ සඳහා විදේශයන්ට වැය කරන බිලියන ගණනක මුදල් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya