අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූවිලි ඇල්ල විනාශ නොකරන ලෙස පරිසරවේදීන් ඉල්ලයි

    අගෝස්තු 10, 2014

    කුණු කසල දැමීමෙන් හා ස්වාභාවික සුන්දරත්වය විනාශ වන අයුරින් කටයුතු කිරීමෙන් වළකින ලෙස කොස්මුල්ල, දූවිලි ඇල්ල නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන් නෙළුව පරිසරවේදීන් විසින් ඉල්ලා සිටින ලදී.

     

    රුහුණු සංචාරක මණ්ඩලය විසින් නෙළුව දූවිලි ඇල්ල සංචාරක ආකර්ෂණය ලැබෙන ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස සංවර්ධනය කර ඇත.

     


    ස්නානය සඳහා ජල පොකුණු දෙකක් ඇල්ලේ පහළ බෑවුමේ නිර්මාණය කර ඇති අතර ඇල්ලේ ඉහළ කඳු පෙදෙසට පහසුවෙන් ළඟා වීම සඳහා පඩිපෙළක්ද නිමවා ඇත. මෙම දූවිලි ඇල්ල හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංරක්ෂණය නෙළුව ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලැබේ.

     

     

    නෙළුව මැදගම තේ කර්මාන්ත ශාලාවේ සුභසාධන වැඩසටහනක් යටතේ මෙම දූවිලි ඇල්ල හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කුණු කසල ඉවත් කිරීමට ශ්‍රමදානයක් සංවිධානය කිරීමට හා එහි කසල බඳුන් තැබීමට නෙළුව ප්‍රාදේශීය සභාවට දායකත්වය ලබා දී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya