අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ජල අවශ්‍යතාව සැපිරීමේ වැඩපිළිවෙළක් රජය සතුයි

    අගෝස්තු 07, 2014
    සමස්ත ජල අවශ්‍යතාව සැපිරීමේ වැඩපිළිවෙළක් රජය සතු බවත් ඒ සඳහා විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් පෙන්වා දෙන වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු ප්‍රදේශවල ජලාශ ඉදිකළ නොහැකි බවත් ඒ පාරිසරික ප්‍රශ්න හේතුවෙන් බවත් පැවසීය.
     
    මහියංගනය - නාගදීප ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ලබාදීම සඳහා බිලියන 2 1/2ක් එම ව්‍යාපෘතිය සඳහා යොදවා ඇත. එහි 50%කින් ඉදිකිරීම් කටයුතු අවසන් කොට ඇත. මොනරාගල දිස්ත්‍රික්කයට ජලය ලබාදීම සඳහා උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. හම්බන්තොට ගිං ගඟ - නිල්වලා ගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී. 
     
    වාරි ව්‍යාපෘති සඳහා පරිසර ඇගයීම් සිදු කිරීම සඳහා පමණක් වසර දෙකකට වඩා වැඩි කාලයක් ගත වන බව පෙන්වාදුන් වාරිමාර්ග අමාත්‍යවරයා ජල අවශ්‍යතාව සැපිරීම සඳහා ජල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් පෙන්වා දුන්නේය.
     
    වත්මන් ආණ්ඩු කාලයේ දී ජනතාවට තෘප්තිමත් විය හැකි සංවර්ධනයක් ඇති වී ඇති බවත් ජනතාවට අවශ්‍ය වන්නේ දර්ශකයන් නො ව සංවර්ධනය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya