අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත් සභාවන්හි පුහුණු ආයතන වෙත බස් රථ

    අගෝස්තු 07, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ගැටුම් පැවති ප‍්‍රදේශයන්හි ක්ෂේත‍්‍ර නිලධාරීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත් සභාවන්හි පුහුණු ආයතන වෙත බස් රථ ප‍්‍රදානය කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) වන දින ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී සිදු කෙරිණි. 
     
    උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් ලෙස ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පවතින ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, අදාළ පළාත් සභාවන්හි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන කටයුතු කරනු ලබයි. 
     
    මෙම ව්‍යාපෘතිය උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලට අයත් යාපනය, කිලිනොච්චි, මන්නාරම, වව්නියා, මුලතිව්, ත‍්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ත‍්‍රික්ක 10 තුළ ක‍්‍රියාත්මක කෙරේ. 
     
    මෙමගින් ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිවි නැගුම සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන්, ග‍්‍රාම නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, ප‍්‍රාදේශීය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කෘෂිකර්ම උපදේශකවරුන්, සමුපකාර සංවර්ධන නිලධාරීන්, සංවර්ධන සහකාරවරුන් සහ සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමට සැලසුම් කර ඇත. 
     
    රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    MP br tec 2
     
     
    MP br vehicle 2
     
    MP br vehicle 3
     
    MP br vehicle 4
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya