2014 මුල් මාස 7ක කාලයක් තුළ ලංකා සතොස රුපියල් බිලියන 15.28ක් උපයා ඇත. පසුගිය අවුරුද්දේ එම කාල සීමාවේදී ලංකා සතොසේ ආදායම රුපියල් බිලියන 14.38කි. එනම් රුපියල් මිලියන 900කින් ආදායම ඉහළ යාමකි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ඉතා අඩු මුදලකට ලංකා සතොසින් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දි ඇති අතර ඉදිරියේදි මේ මිල සහනදායී ලෙස සංශෝධනය කිරීමට රජය අදහස් කරයි.
සීනි, පරිප්පු, ලොකු ළූණු, අල,මුං ඇට, කඩල, ටින් කළ මාළු, හාල්මැස්සන් වැනි තව බොහෝ අත්‍යවශ්‍ය ආහාර වෙළඳපොළ මිලට සාපේක්ෂව ලංකා සතොසින් අඩු මිලකට පාරිභෝගිකයාට මිලදී ගත හැකිය.
SDF