අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛෙත්තාරාම නිවාස සංකීර්ණයේ සනීපාරක්ෂක පහසුකම් ප්‍රතිසංස්කරණයට පියවර

    අගෝස්තු 07, 2014
    ඩෙංගු රෝගය ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට විසඳුම් ලබාදෙමින් වසර 36කට පසුව කොළඹ, ඛෙත්තාරාම මහල් නිවාස සංකීර්ණයේ මළනාලිකා පද්ධතිය, අප ජල නළ පද්ධතිය ඇතුළු සනීපාරක්ෂක පහසුකම් රැසක් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ.
     
    ඛෙත්තාරාම මහල් නිවාස සංකීර්ණයේ සිදුකෙරෙන මෙම සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,  නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා එම මහල් නිවාස සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ අවස්ථාවකට සහභාගී විය.
     
    1978 වර්ෂයේ දී ආරම්භ කර ඇති කොළඹ, ඛෙත්තාරාම මහල් නිවාස සංකීර්ණය නිවාස 60කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. මෙම නිවාස සංකීර්ණයේ මළනාලිකා පද්ධතිය, අප ජල නල පද්ධතිය ඇතුළු සනීපාරක්ෂක පහසුකම් රැසක පැවති අවහිරතා හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ගණනාවකට මුහුණදීමට නිවාසවාසීන්ට සිදුවිය.
     
    නිවාසවාසීන් පත්ව ඇති මෙම දුෂ්කරතාවන් පිළිබඳ ව අවධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 10ක මුදලක් වැයකරමින් මෙම නිවාස සංකීර්ණයේ සනීපාරක්ෂක පහසුකම් රැසක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ. මේ යටතේ මළනාලිකා පද්ධතිය, අප ජල නල පද්ධතිය, අප ජල පොම්පාගාරය ඇතුළු පහසුකම් රැසක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුකරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේය.
     
    නිරීක්ෂණ අවස්ථාවට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු කාර්යක්ෂමව හා විධිමත්ව සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
     
    වසර 36කට පසුව ඛෙත්තාරාම මහල් නිවාස සංකීර්ණයේ සනීපාරක්ෂක පහසුකම් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කිරීම පිළිබඳ ව මෙහිදී නිවාසවාසීහු විමල් වීරවංශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුදකර සිටියහ.
     
    මෙම නිරීක්ෂණ අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී පන්නිල විතාන මහතා  ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya