අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිඳී ගිය වැව් ආශ‍්‍රිතව ළිං කැපීම ඇරඹෙයි

    අගෝස්තු 07, 2014

    උතුරු මැද පළාතේ පවතින දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විඳින ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත සිඳී ගිය වැව් ආශ‍්‍රිතව ළිං කැපීමේ විශේෂ ව්‍යාපෘතිය අද (07) බුලංකුලම, පහළගම වැව ආශ‍්‍රිතව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

     

    මේ යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ළිං දහසක් (1000) සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ලිං තුන්සීයක් (300) ඉදිකරනු ලබන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් පිරිසක් ජලය ලබා ගැනීම සඳහා ළිං හෑරිය යුතු මට්ටම සහ එම ජලය මිනිස් පරිභෝජනය සඳහා කොතරම් සුදුසු දැයි විද්‍යාත්මකව පරීක්‍ෂණ කටයුතුවලින් මෙම ව්‍යාපෘතිය සඳහා සහය දක්වනු ලබයි.

    නියඟය හේතුවෙන් වැව් හා ළිං සිඳී යෑමෙන්  පානීය ජලය ලබා ගත නොහැකිව සිටින උතුරු මැද පළාතේ ජනතාව පිළිබඳ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැනුවත් කිරීමෙන් පසු වැවට කිසිදු හානියක් නොමැති වන ආකාරයට වැව් ආශ‍්‍රිතව පවතින ”කට්ටකඩුවේ” පානීය ළිං ඉදිකිරීමට ගොවි සංවිධාන නියෝජිතයන්ගේ එකඟතාව මත තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය හා උතුරු මැද පළාත් සභාව එකාබද්ධව වැව් ආශ‍්‍රිතව පානීය ජලය සඳහා ළිං ඉදිකිරීමේ කටයුතු සිදු කරනු ලබන අතර උතුරු මැද පළාත් සභාව ළිං ඉදිකිරීමේ කටයුතු සඳහා රුපියල් ලක්‍ෂ තුනක (03) මුදලක් ලබාදේ.


    නියඟයෙන් පීඩා විඳින ගම්මාන කරා බවුසර් මගින් ලබා දෙන ජලය ප‍්‍රමාණවත් නැති නිසා මෙම වැඩපිළිවෙළ ඇරඹෙන අතර බවුසර් මගින් පානීය ජලය ලබා දීම දිගටම ක‍්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
     

    මේ අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මධ්‍යම නුවරගම් පළාත, විලච්චිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව, පළුගස්වැව, රඹෑව, මිහින්තලේ, තිරප්පනේ, පලාගල හා ගල්නෑව ප‍්‍රදේශයේ ද පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ දිඹුලාගල, මැදිරිගිරිය හා වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද සිඳීගිය වැව් ආශ‍්‍රිතව පානීය ජලය ලබා දීම සඳහා ළිං ඉදිකිරීමට පියවර ගැනේ.
     

    water wells of tanks

     

    මේ අවස්ථාවට පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, මධ්‍යම නුවරගම් පළාත ප‍්‍රාදේශීය සභාවේ සභාපති පී.බී.එන්. ජයසුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එම්. ගුණවර්ධන, සමාජ විද්‍යාඥ ආචාර්ය උපාලි වීරකෝන්, පශ්චාත් උපාධි අපේක්‍ෂක එස්.එම්.පී.ජී.එස්. කුමාර ඇතුළු පිරිසක් එක් වූහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya