මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරටුව විශ්වවිද්‍යාලය සඳහා පා පැදි 50ක් ප්‍රදානය කෙරේ

    අගෝස්තු 07, 2014


    මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ භාවිතය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ඊයේ (06) පා පැදි 50ක් ප්‍රදානය කරනු ලැබීය.

    මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගේ ඉල්ලීම මත මෙම පා පැදි ලබාදීම සිදු කෙරිණි. විශ්වවිද්‍යාලයට අධ්‍යයන කටයුතු සඳහා කිලෝමීටර් 5 කට අඩු දුරක සිට පැමිණෙන සිසුන් සඳහා මෙම පාපැදි  බෙදාදීමට නියමිතව ඇත.


    මෙම පා පැදි බෙදා දීම ඊයේ දින Mount Lavinia Hotel හි පැවති  9 වන ආසියා පැසිෆික් ප්‍රවාහන හා පරසර ආරක්ෂණ සමුළුවට සමගාමී ව සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ) විජිතා වීරසිංහ, මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ආනන්ද ජයවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya