මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය පේෂකර්ම හා ඇඟලුම් ආයතනයක් මන්නාරමට

    අගෝස්තු 06, 2014

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ මන්නාරමේදී ඉදි කළ ශ්‍රී ලංකා ප්‍රථම ප්‍රාදේශීය පේෂකර්ම හා ඇඟලුම්  ආයතනය (SLITA) පසුගිය ඉරිදා (04) විවෘත කෙරිණ.


    කොරියාවේ Korea International Cooperation Agency (KOICA) හා කොරියානු රජය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ඇඟලුම් කර්මාන්තය ගමට ගෙන ගොස් ඇඟලුම් කර්මාන්ත කාර්මීක පුහුණුව ආරම්භ කිරීමට ලබා දුන් සහය ප්‍රශංසනීය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය ඉරිදා (04) මන්නාරමේදී ප්‍රකාශ කරන ලදී.

     

    මෙවර ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් කර්මාන්ත ආදායම ‍ඩොලර් මිලියන 2.4ක් ලෙස වර්ධනය වීම හේතුවෙන් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා පළමු වරට ප්‍රාදේශීය මට්ටමින් උතුරු පළාත තුළ ඇඟලුම් කර්මාන්ත පුහුණුව ලබා දීමට ආයතනයක් ඇරඹීමට කොරියාව විසින් සහය දුන් බව රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී පැවසීය.

     

    මෙම ප්‍රාදේශීය පේෂකර්ම හා ඇඟලුම්  ආයතනය (SLITA) මඟින් ඇඟලුම් ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හි පුහුණුව, නව තාක්ෂණ පරීක්ෂාව හා කාර්මික සේවය ලබා දෙන අතර SO 17025 සහ 9001 තත්ත්ව සහතිකය ලද ජාත්‍යන්තර බලය ලත් පරීක්ෂණාගාරයක්ද මෙම ආයතනය සතු වේ.

     

    ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් පුහුණුව, තත්ත්ව පරීක්ෂාව හා උපදේශනය තුළින් 2013 වසරේදී ‍ඩොලර් මිලියන 1.05ක ඉහළ ආදායමක් වාර්තා කරන ලදී.

     

    185කට නොඅඩු පුහුණු වැඩසටහන් සංඛ්‍යාවක් හා පුහුණුකරුවන් 3430ක් SLITA සතු වේ. මෙතෙක් කිසිදු පුහුණු ආයතනයක් සතුව නොමැති පශ්චාත් උපාධිධාරීන් 18 දෙදෙනෙකු ඇතුළු 56 දෙනෙකුගෙන් යුත් කථිකාචාර්යය මඬුල්ලක් මෙම ආයතනය සතු වේ.

     

    2010 සිට 2014 දක්වා වූ අවුරුදු 5ක කාලසීමාවේදී 45%කින් ඇඟලුම් අපනයනය ඉහළ ගොස් ඇති අතර ‍එය ඩොලර් මිලියන 3741ක ආදායම් වර්ධනයකි.

     

    මන්නාරමේ විවෘත වූ නව ප්‍රාදේශීය පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) උතුරු පළාතේ ඇඟලුම් සම්බන්ධ පුහුණු අවශ්‍යතා සපුරාලනු ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ය‍ටතේ විවෘත වූ ප්‍රථම ප්‍රාදේශීය පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මෙය වේ.

     

    ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගෙනයන ව්‍යාපෘති නිසා ප්‍රාදේශීයවද උතුරු පළාත දියුණු වෙමින් පවතී. මන්නාරම් දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය ඩොලර් මිලියන 161ක පිරිවැයක් දරයි. මෙම සංවර්ධන ව්‍යාපෘති හා මෙම ඇඟලුම් සම්බන්ධ පුහුණු වැඩසටහන් නිසා ප්‍රාදේශීය මට්ටමින් දිස්ත්‍රික්කයේ ජනතාවට නව රැකියා අවස්ථාවන්ද බිහි වී ඇත.

     

    විවෘත වූ ප්‍රාදේශීය පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ 20 දෙනෙකුගෙන් යුත් පළමු සිසුන් කණ්ඩායම මාසයක කාලයක් පුහුණුව ලැබීමෙන් පසු ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මාස 6ක පුහුණුවකට ඇතුළත් වීමට හැකියාව ලැබෙන බවත් පුහුණුවෙන් පසු මහන මැෂිම බැගින් සිසුන්ට ලබා දෙන බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙම අවස්ථාවේදී පැවසීය.

     

    Korea International Cooperation Agency (KOICA) මඟින් ඩොලර් 20000ක් වටිනා ජුකී මහන මැෂින් 13ක්, රෙදි කපන මැෂින් හා ඉස්ත්‍රික්ක, පරිගණක, ගෘහ භාණ්ඩ මෙම මන්නාරම් ප්‍රාදේශීය පේෂකර්ම හා ඇඟලුම් ආයතනය සඳහා ලබා දී ඇත. මේ වන විට රටවල් 44කට කොරියාවේ Korea International Cooperation Agency (KOICA) හා කොරියානු රජය විසින් සංවර්ධනය සඳහා ආධාර ලබා දේ. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවද KOICA ආධාර මත ඉදිකරනු ලැබූවකි.

     

    SDF

    apparel-training-2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya