මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත් ප්‍රදානය කෙරේ

    අගෝස්තු 06, 2014

    සමාජ ආරක්ෂණ  වැඩසටහන යටතේ විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් අද (06) නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම්  කාර්යාලයේදී පැවැත්විණි. 


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ 20 දෙනෙකුට පමණ මාසිකව මෙම විශ්‍රාම වැටුප් හැඳුනුම්පත් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව අද දින වයස අවුරුදු 60 සම්පූර්ණ වූ 05 දෙනෙකු වෙත මෙම විශ්‍රාම වැටුප් හැඳුනුම්පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි. 


    සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නුවරඑළිය වතුකරයේ ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය වී තිබේ. මේ වන විට කොටගල හේඩ්න් වතුයායේ වතු කම්කරුවන් 500කට ආසන්න සංඛාවක් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට සක්‍රීය දායකත්වය සපයති. ස්ථිර ආදායම් මාර්ග නොමැති ඔවුන්ට මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ජීවිතයේ සැඳෑ සමය අන් අයට බරක් නොවී ජීවත් වීමට මනා පිටුවහලක් වේ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya