මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාගවලට බාධා වන අයුරින් කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් එපා

    අගෝස්තු 06, 2014


    මේ දිනවල අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් උසස් පෙළ හදාරණ සිසුන් හට කිසිදු අයුරකින් බාධාවක් වන සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෝ විවිධ රැස්විම් හා පෙළපාළි නොපැවැත්විය යුතු බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩාමන් මහතා පැවසීය.

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩාමන් මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ලංකා කම්කරු කොංග්‍රස් සියලු ම වතු නායකයින් හා කාන්තා නියෝජීතවරියන් සමඟ අටම්පිටිය ප්‍රදේශයේ අද දින (06) පෙරවරුවේ විශේෂ රැස්වීමක් පැවත්වුණු අතර, එම රැස්වීම ඇමතු අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    මේ මස 17 වන දි පැවැත්වෙන පහේ ශිෂ්‍යත්වය කරනු ලබන ශිෂ්‍යන්ට ද බාධාවක් නොවන අයුරින් ප්‍රචාරණ කටයුතු කරන සේ ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.සැප්තැම්බර් මසයේ පැවැත්විමට නියමිත ඌව පළාත් සභා මැතිවරණයේ දී රජය සමඟ එකතු වී ලංකා කම්කරු කොංග්‍රසය තරග කරන අතර, මේ සඳහා සෙන්දිල් තොන්ඩමාන්, ආරුමුගම් ගනේෂ මුර්ති හා ආරුමුගම් ශිවලිංගම් යන අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් වී ඇත.මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති, ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලංගම් හා මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය මුත්තයියා රාමසාමී, මධ්‍යම පළාත් මන්ත්‍රීවරුන් වන පිලිප් කුමාර්, කනපති කනගරාජ් යන මන්ත්‍රීවරුන් ඇතුළු උසස් නිලධාරිහු පිරිසක් ද  සහභාගි වූහ.


    ECB

    thondaman3

    thondaman2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya