මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 දී කොළඹ පැල්පත්වලින් තොර නගරයක්

    අගෝස්තු 06, 2014
    2020 වර්ෂය වන විට කොළඹ නගරය පැල්පත්වලින් තොර නගරයක් බවට පත්කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා විවිධ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බවත් නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඊ.එන්.සී. ප්‍රියශාන්ත මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (06) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    "කොළඹ වතු ජනාවාස 1500ක් පමණ ඇත. එම වතු නිවාසවල ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපෘතියටත් වඩා කිහිප ගුණයක් විශාලයි. එම ජනතාව වෙනුවෙන් නිවාස ඒකක 68,812කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරනවා. එම එක් නිවාස ඒකකයක් සඳහා මිලියන 07කට ආසන්න මුදලක් වැය වනවා. මෙම සමස්ත ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 500ක් පමණ වැය වේ".
     
    පළමු පියවර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පැල්පත් හා මුඩුක්කු නිවාස ඉවත් කිරීමට කටයුතු කරන බවත් මේ වන විට එම ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිවාස ඒකක 20,000ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බවත් ප්‍රියශාන්ත මහතා පෙන්වා දුන්නේය.
     
    අඩු පහසුකම් නිවාස පවතින අක්කර 900ක පමණ ප්‍රමාණයේ නිවාස ඉවත් කිරීමෙන් අනතුරුව අක්කර 300ක පමණ ප්‍රමාණයක් නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් ද, අක්කර 150ක ප්‍රමාණයක් නගර අලංකාර ව්‍යාපෘති වෙනුවෙන් ද, අක්කර 400ක පමණ ප්‍රමාණයක් ආදායම් ඉපයීමේ ව්‍යාපෘති වෙනුවෙන් ද වෙන් කිරීමට සැලසුම් කොට ඇත.
     
    අඩු පහසුකම් සහිත නිවාස හිමියන් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදෙන අතරවාරයේ දී කොළඹ නගරය සංවර්ධනය කිරීමට කටයුතු කෙරේ. 
     
    2014 වසරේ දී අඩු පහසුකම් ජනවාසවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති 13ක් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවත් නිවසක් ලබාදීම පමණක් නොව මිනිසුන්ට ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘති හරහා සිදුවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya