මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගර සංවර්ධනයට ඇති බාධා ඉවත් කරමින් පවතිනවා

    අගෝස්තු 06, 2014
    කොළඹ ආර්ථික නගරයක් බවට පත්කිරීමට ඇති බාධාවන් ඉවත් කරමින් පවතින අතරම සංවර්ධන නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් කළමනාකරණ හා සැලසුම් පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක වීරසේන අධිකාරි මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (06) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    ලෝක බැංකු ආධාර යටතේ කොළඹ නගරය ආශ්‍රිත ව විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පෙන්වාදුන් ඒ මහතා ඒ යටතේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් පැවසීය.
     
    කොළඹ - නුවර මාර්ගය ඔස්සේ කොළඹ නගරයට ඇතුළු වන ස්ථානය ඉදිරියේ දී සංවර්ධනයට සැලසුම් කොට ඇති බවත් කොළඹ පැරණි මත්ස්‍ය වෙළෙඳපොළ රත්තරං අලෙවි සංකීර්ණයක් බවටත් මැනිං වෙළෙඳපොළ පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යන බවත් වීරසිංහ මහතා පැවසීය.
     
    විදෙස් ආයෝජන ආකර්ෂණය වන ආකාරයේ ෂැංග්‍රී-ලා වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ නගරයේ ඉඩම් වෙන් කොට ඇත. කොළඹ නගරයේ 50%කට වැඩි පිරිසක් සිටින්නේ අඩු පහසුකම් සහිත ජනාවාසවලයි. ඒ වෙනුවෙන් අක්කර 900ක් තරම් විශාල ඉඩ ප්‍රමාණයක් වෙන් වී තිබෙනවා. මෙය නගරයේ සංවර්ධනයට බාධාවක්.  
     
    කොළඹ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතා නැවත පදිංචි කිරීම සඳහා නිවාස 65,000ක් ඉදිකරමින් පවතින බවත් ඒ හරහා කොළඹ නගරය සංවර්ධනය මෙන් ම පුළුල්වීමට ද අවස්ථාව සැලසෙන බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya