මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

    අගෝස්තු 06, 2014

    ශ්‍රී ලංකාවේ සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි  රජය මගින් සිදුකරන සංවර්ධනය පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් වැඩසටහනක් මෙම මස 11 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

    පුරා දශක තුනක් පැවති යුද්ධය නිමාකර මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ සිදුකෙරෙමින් පවතින දැවැන්ත සංවර්ධනය ක්‍රියාදාමයන් පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමට කටයුතු යොදා තිබේ.රජයේ  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කෙරෙන මෙම සම්මන්ත්‍රණය යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


    මෙහිදී යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා විසින් යාපනය දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදුකර ඇති සහ දැනටමත් සිදුකෙරෙමින් පවතින සංවර්ධන කටයුතු පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරෙන අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක මහතා විසින් “ජනමාධ්‍ය හා සංවර්ධනය” පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය. මීට අමතරව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. රගුරාම් මහතා විසින් “සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීයාගේ කාර්යභාරය” යන මැයෙන් දේශනයක් පැවැත්වීමට නියමිත අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතීඥ ඒ.බී. වායිස් මහතා විසින් “යහපත් මාධ්‍ය සංස්කෘතියක් උදෙසා මාධ්‍ය නීති හා ආචාර ධර්ම ” යන මාතෘකාව ඔස්සේ මාධ්‍යවේදින් දැනුම්වත් කෙරෙනු ඇත.

     ECB/RU_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya