මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙදරේරුවන් 500ක් නිපුණතා අභිෂේකයට

    අගෝස්තු 06, 2014

    අනාගත ශ්‍රී ලංකාවට තිරසාර අඩිතාලමක් දැමීමේ අරමුණ ඇතිව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර  මහතාගේ සංකල්පය අනුව හොල්සිම් සහ NAITA ආයතනය අනුග්‍රහයෙන්  පෙදරේරුවන්  500 දෙනෙකු ඉදිකිරීම් ශිල්පීන් වශයෙන් පුහුණු කොට ''නිපුණතා අභිෂේක'' ඇගයීමේ වැඩසටහනක් මේ මස 11 දින පෙ.ව. 10ට යෞවන කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

    මෙවැනි  ඉදිකිරීම් ශිල්පීන් විශාල ප්‍රමාණයක් ඇගයීමට ලක් වන පළමුවෙනි අවස්ථාව මෙය වන අතර, එමගින් මහජනතාවට වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට හැකිවනු ඇත. ඊට අමතරව මෙම පුහුණු වැඩසටහන සාර්ථකව නිමකරන ශිල්පීන්ට කුසලතා සම්මාන පිරිනමා ඔවුන්ව ඇගයීමට සහ දිරිගැන්වීමටද කටයුතු කරනු ඇත. මෙම ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යමින් වසර 2016 වන විට ඉදිකිරීම් ශිල්පීන් 5000කට වෘත්තීය සහතික ලබාදීමට හෝල්සිම් ලංකා සහ NAITA ආයතනය මෙම වසරේ ගිවිසුමක් අත්සන්කර ඇත.

     

    ''නිපුණතා අභිෂේක'' ක්‍රියාත්මක වෙනුයේ හොල්සිම් ලංකා සමාගම, NAITA ආයතනය සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සාදර අනුග්‍රහයෙනි. මෙසේ සහතික ලබාගන්නා ඉදිකිරීම් ශිල්පීන් දීර්ඝ කාලීන සංවර්ධන ක්‍රියාවලියකට යොමු කරවමින් ඔවුන් හොල්සිම් කොන්ක්‍රීට් සංගම්වලටද බඳවා ගැනේ. එමෙන්ම ඉදිකිරීම් ශිල්පීන්ගේ වෘත්තීය දැනුම, පළපුරුද්ද හා සෞඛ්‍ය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ක්‍රමවත් සැලසුම්ගත පුහුණු වැඩසටහන් මාලාවක් දියත් කිරීමටද කටයතු යොදා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya