මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ දුෂ්කර පාසල් සංවර්ධනයට පියවර

    අගෝස්තු 06, 2014
    කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් දෙකේ ග්‍රාමීය දුෂ්කර පාසැල්වල තදබදය අවසන් කිරීමට සබරගමු පළාත් සභාවෙන් ගොඩනැගිලි ඇතුළු භෞතික සම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
     
    අධ්‍යාපන කටයුතු සඳහා පාසැල් දරුවෙකුට පන්ති කාමර ගොඩනැගිල්ලක් තුළ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුණු ඉඩකඩ ප්‍රමාණය මෙන්ම අධ්‍යාපනඥයින් විසින් සම්මත නිර්ණායක පදනම් කරගනිමින් ගොඩනැගිලි ඇතුළු සෙසු පහසුකම් ලබාදෙන බව සබරගමු ප්‍රධාන අමාත්‍ය හා මුදල් විෂය භාර අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කරයි.
     
    ඔහු එසේ සඳහන් කළේ වරකාපොළ ගාමිණි මහා විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලේ පන්ති කාමර සිසු අයිතියට පැවරීම නිමිත්තෙන් පසුගිය දා පැවති උත්සව සභාව අමතමිනි.
     
    මෙම තෙමහල් ගොඩනැගිල්ල සඳහා සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 240ක් වැය කරයි. පසුගියදා සිසු අයිතියට පත් කළ එහි පළමු අදියර සඳහා සබරගමු පළාත් සභාව වැය කර ඇති මුදල රුපියල් අසූ ලක්ෂයකි. එම පාසලේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ක්‍රීඩා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ද මහ ඇමතිවරයා අතින් සිදු විය.
     
    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, විද්‍යාලාධිපති එම්.ඩී.ටී. බණ්ඩාර යන මහත්වරු ඇතුළු නියෝජ්‍ය විදුහල්පති අලව්වේ ඤාණතිලක හිමිපාණෝ ද සහභාගී වූහ.
     
    DB
     
    Sequence 03 1
     
    Sequence 03 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya