මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බතඹුරේ ක්‍රීඩාංගණයෙහි සංවර්ධන කටයුතු ඇරඹේ

    අගෝස්තු 06, 2014
    මේ වන විට දිවයිනේ ආකර්ෂණීයම සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති පින්නවල අලි අනාථාගාරය සහ ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් සත්වෝද්‍යානය ආසන්නයේ පිහිටි බතඹුරේ මහීපාල හේරත් ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ.
     
    යෝජිත කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ කෑගල්ල නගරය සඳහා පිවිසුම් මාර්ගය ආරම්භ වන බතඹුරේ මෙම නව ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සඳහා පළාත් සභාව වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 140කි.
     
    දිවයිනට පැමිණෙන විදේශ සංචාරකයින් 80%කට වැඩි පිරිසක් පින්නවලට පැමිණෙන අතර පින්නවලට ආසන්නතම රඹුක්කන නගරය මෙන්ම ආසන්න කුඩා නගර සංවර්ධනය කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ ද පූර්ණ සහය පළවේ.
     
    බතඹුරේ ක්‍රීඩාපිටිය සංවර්ධන කටයුතු පළමු අදියර පසුගිය දා ආරම්භ වුයේ සබරගමු මහ ඇමති මහීපාල හේරත් සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.
     
    එම පළමු අදියරට ප්‍රේක්ෂකාගාරයක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවේකාගාරයක්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු පොදු පහසුකම් රැසක් ඇතුළත් වෙනු ඇතැයි සබරගමු පළාත් සභාව සඳහන් කරයි.
     
    DB
     
    PINNAWALA BATHABURE GROUND 1
     
     
    PINNAWALA BATHABURE GROUND 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya