මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 144ක් පැරණි පින්නවල ජාතික පාසලට පිහිනුම් තටාකයක්

    අගෝස්තු 01, 2014
    දිවයිනේ ප්‍රමුඛතම ජාතික පාසලක් සේ සැලකෙන පින්නවල ජාතික පාසල සඳහා පිහිනුම් තටාකයක ඉදිකිරීම් කටයුතු ඊයේ (31) ආරම්භ විය. මහ ඇමති මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ආරම්භ වූ මෙම පිහිනුම් තටාකයට සබරගමුව පළාත් සභාව වැය කරන මුදල රුපියල් ලක්ෂ 200කි.
     
    සියලු ඉදිකිරීම් මේ වසර තුළ අවසන් කර පිහිනුම් තටාකය දෙසැම්බර් 31ට පෙර සිසු අයිතියට පැවරීමට සබරගමුව පළාත් සභාව අපේක්ෂා කරයි.
     
    1870 දී සිසුන් 45ක් සහ  ගුරුවරු 6කගෙන් ඇරඹි පින්නවල විද්‍යාලය 1995 සැප්.12 වන දින ජාතික පාසලක් ලෙස ප්‍රකාශයට පත් කෙරිනි. එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 2665ක් වන අතර ගුරු මණ්ඩලය 192කින් සමන්විතය. 06 වන ශ්‍රේණියේ පටන් 13 වන ශ්‍රේණිය දක්වා මෙහි පන්ති 65ක් පවත්වාගෙන යන අතර විද්‍යා, කලා, වාණිජ සහ තාක්ෂණ යන විෂය ධාරා හතරම උසස් පෙළ සඳහා හැදෑරීමට පාසැලේ පහසුකම් තිබීම ද විශේෂත්වයකි.
     
    පසුගිය වසරේ පමණක් පින්නවල ජාතික පාසලෙන් වෛද්‍ය, ඉංජිනේරු පීඨ ඇතුළු මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සිසුන් 252ක් ඇතුල් වී ඇති අතර මෙතෙක් මෙම විදුහලින් විශ්වවිද්‍යාලයන්ට ඇතුළත්ව උපාධිධාරීන් බවට පත්වූවෝ 15,000 ඉක්මවති. මීට වසර 4කට පෙර මෙම විද්‍යාලයේ කසුන් උපමල් කළුගල ශිෂ්‍යා උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු වෙනියා බවට පත්වෙමින් සරසවි වරම් ලැබීය.
     
    සබරගමු මහ ඇමති මහීපාල හේරත් සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන්ගේ මැදිහත්වීම මත මීට මාස කිහිපයකට පෙර රුපියල් ලක්ෂ 132ක වියදමකින් මෙහි බහුමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් ද ඉදිවිය. මහින්දෝදය විද්‍යාගාරයක් මෙන්ම මහින්දෝදය විද්‍යා පීඨයක් ද මෙම පාසලට එකතුවන සම්පත් අතර වේ. ක්‍රීඩා, සෞන්දර්යය, ලලිත කලා ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම්හි සුරුවිරු දරුවන් දැයට දායාද කරන මෙම පාසලේ මෙතෙක් අඩුවක්ව පැවති පිහිනුම් තටාකය සඳහා ප්‍රතිපාදන ලබාදෙමින් මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කළේ පින්නවල ජාතික පාසල යනු එය පිහිටි රඹුක්කන මැතිවරණ කොට්ඨාසයට කෑගල්ල දිස්ත්‍රික්කයට සබරගමු පළාතට පමණක් සීමා නො වූ විදු පියසක් බවය.
     
    රටේ සිව් දිගින් 5 වසර ශිෂ්‍යත්වය සමත්ව මෙම විදුහලට වසරක් පාසා කුසලතා සම්පන්න දූ දරුවෝ සිය ගණනක් ඇතුල් වෙති. එසේම වාර්ෂිකව සරසවි වරම් ලබන්නෝ සිය ගණනකි. මෙතෙක් ඔවුන්ට බරපතළ අඩුවක්ව පැවති පිහිනුම් තටාකයක් ලබාදීමට හැකිවීම සබරගමු පළාත් සභාවට මහත් ගෞරවයක් බව කී මහ ඇමතිවරයා වසර සිය ගණනක් පැරණි මෙම පාසලට ඉතිහාසයේ පළමු වරට මෙවන් සම්පතක් ලැබෙනුයේ රට කරවන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නගරයට වඩා ගමට වැඩි කැමැත්තක් දක්වන රාජ්‍ය නායකයෙක් නිසාවෙන් බව ද වැඩිදුරටත් කීය.
     
    DB
     
    Pinnawala CC swimingpool 1
     
    Pinnawala CC swimingpool 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya